Home ක්‍රීඩා පුවත් යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් ට මූල්‍ය ප්‍රදානයක්

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් ට මූල්‍ය ප්‍රදානයක්

by Hela news

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 26 දෙනෙකු සඳහා මූල්‍ය ආධාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එහිදී එක් ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමූ බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

එළඹෙන යොවුන් ආසියානු කුසලාන තරඟාවලිය සහ යොවුන් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් 26 දෙනෙකුගෙන් සමන්විත වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයක් මේ දිනවල සිය පුහුණුවීම්වල නිරත වේ.

ඔවුන් සිය පුහුණුවීම්වලදී දක්වන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් සඳහා මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීමට කටයුතු කළේය.

ඒ අනුව එම ක්‍රීඩකයින් 26 සඳහා අදාළ මුදල් පිරිනැමීම ඊයේ සිදුකෙරුණු අතර එහිදී එක් ක්‍රීඩකයෙකු සඳහා රුපියල් ලක්ෂයක මුදල් හිමිවුණි.

එම ක්‍රීඩකයින් 26 දෙනා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ දින 22ක කාලයක් නේවාසික පුහුණු කඳවුරක් සඳහා එක්ව සිටි අතර ඊයේ එම කඳවුර අවසන් කෙරුණි.

දිවයින පුරා සිදුකළ දක්ෂතා සොයා බැලීමේ වැඩසටහනකට එක් වු ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින් එම ක්‍රීඩකයන් 26දෙනා තෝරා ගෙන තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment