Home විදෙස් පුවත් යුරෝපා හවුලේ තායිවාන සංචාරය චීනයේ අප්‍රසාදයට

යුරෝපා හවුලේ තායිවාන සංචාරය චීනයේ අප්‍රසාදයට

by Hela news

යුරෝපීය පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පසුගියදා තායිවානයේ සංචාරයක නිරත වීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් චීනය යුරෝපා හවුලට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. එසේ තුන්දින තායිවානයේ සංචාරයක නිරතව ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය යටතේ විදේශීය බලපෑම් සම්බන්ධව කටයුතු කරන නියෝජිත පිරිසකි.

චීනය සහ යුරෝපා හවුලේ සම්බන්ධතාව සඳහා දේශපාලන පදනම වන්නේ ඒකීය චීනය ප්‍රතිපත්තිය බවත්, මෙවැනි වැරදි සහගත ක්‍රියාමාර්ග සඳහා යොමු නොවන ලෙසත් චීන රජයේ ප්‍රකාශකයකු එරට ෂිංහුවා පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් තායිවානයේ සංචාරය කිරීම චීනය සහ යුරෝපා හවුලේ මිත්‍රත්වය බිඳ වැටීමට හේතු වනු ඇතැයි ද, තායිවානයට නිදහස් පාලනයක් ඉල්ලා සිටින බෙදුම්වාදීන්ට එය වැරදි සංඥාවක් වනු ඇතැයි ද චීන රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා ඇත.

තායිවානයේ සංචාරයකට එක් වූ යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිස එහිදී එරට ජනාධිපතිනි ට්සායි ඉංග් වෙන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment