Home ව්‍යාපාර පුවත් යුනිඩිල් සමූහයෙන් තවත් ප්‍රජා සත්කාරයක්

යුනිඩිල් සමූහයෙන් තවත් ප්‍රජා සත්කාරයක්

by Hela news

වසර 25කට අධික කාලයක් පුරා ඇසුරුම් ක්ෂේත්‍රය නව මානයකට යොමු කළ ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛයා වන යුනිඩිල් පැකේජින් සමාගම සිය සමාජ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් දොම්පේ මූලික රෝහලේ කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීම සඳහා කාඩ්බෝඩ්වලින් නිෂ්පාදිත ශක්තිමත් මෘත දේහ බහාලුම් නොමිලේ දීමට කටයුතු යොදා ඇත. මේ අවස්ථාවට යුනිඩිල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි බැනට් ගමලත්, සාමාන්‍යාධිකාරි ප්‍රේමලාල් පතිරණ, අලෙවිකරණ ප්‍රධානි මංගල සුබසිංහ, කම්හල් කළමනාකරු දයාවංශ නිරෝෂණ යන මහත්වරුද, දොම්පේ මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි කුමාරි ගුණරත්න මහත්මිය ඇතුළු කාර්යය මණ්ඩලයේ සමාජිකයෝ හා දොම්පේ කොවිඩ් මර්දන කමිටු සාමාජිකයන් පිරිසක්ද සහභාගි වූහ.

දීර්ඝ කාලීනව සමාජ මෙහෙවරේ යෙදෙන යුනිඩිල් පැකේජින් සමූහ ව්‍යාපාරය පසුගිය දශකය පුරා දොම්පෙ ආරෝග්‍ය ශාලාවේ බොහෝ අඩුපාඩු සකස් කර ගැනීමට තම දායකත්වය දී ඇත.

පසුගිය අගෝස්තු මාසයේදී ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයට විශාල අඩුපාඩුවක්ව පැවති වායු පිරිපහදු කිරීමේ ඒකකය ලබා දීමටද එම සමාගම කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රැළි පෙට්ටි සහ කඩදාසි මලු නිපදවන්නා වන යුනිඩිල් සමූහ ව්‍යාපාරය ප්‍රදේශයේ ජනතාවගේ දැවෙන සමාජීය ගැටලුවලට විසඳුම් සෙවීමට සැමදා කැප වී කටයුතු කරයි. යුනිඩිල් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහය වන වැලිබල් සමූහ ව්‍යාපාරයේ උප සමාගමකි.

0 comment
0

Related Posts

Leave a Comment