යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයට මොකද වෙන්නේ?

0
709


  • රංග සිරිලාල්
  • බීබීසී සිංහල

උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි පසුගිය දින දෙක තුළ පැවති ව්‍යාකූලතාව අවසන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය උපවාසය සඳුදා (ජනවාරි 11) අත්හරිනු ලැබුවේ, උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා විශ්වවිද්‍යාල භූමියේ, එම ස්ථානයේම නැවත මුල්ලිවයික්කාල් අනුස්මරණය ඉදිකර දීමට පොරොන්දු දී ඒ සඳහා මුල්ගල තැබීමත් සමඟය.

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ සියල්ල ඉතාමත් කෙටි කාලයකින් නිරාකරණය කරගැනීමට හැකිවීම ගැන ඉතාමත් සතුටු වන අතරම පුදුමයට ද පත්වන බවය.

“එය කඩා දැමීම නොවේ; අනවසර දෙය අවසරලත් දෙයක් වීමයි උනේ. මෙය මෙතෙක් කවුරුන් විසින් ඉදිකරන ලද්දක්ද යන්න සඳහන් වී තිබුණේ නැහැ. මෙයට හිමිකාරිත්වයක් තිබුණෙත් නෑ. විවිධ පුද්ගලයන් එය විවිධ නම්වලින් හැඳින්වුවා. ඒත් දැන් එය නීත්‍යානුකුලව, විශ්වවිද්‍යාල අධිකාරියේ නිසි අනුමැතිය ඇතිව ඉදි වූ සාම ස්මාරකයක්. මරණ අනුස්මරණය කිරීම පිළිබඳ සමස්ත ප්‍රජාවගේ සහ මුළු ලෝකයේම හැඟීම් ආරක්ෂා කිරීමක්,” යනුවෙන් උප කුලපති එස් සද්ගුණරාජා පැවසීය.

යුද්දයේ අවසන් අදියරේ දී මියගිය පුද්ගලයන් අනුස්මරණය වෙනුවෙන් 2019 වසරේදී යාපනය විශ්වවිද්‍යාල භුමියේ ඉදිකරන ලද මුල්ලිවෛක්කාල් අනුස්මරණ ස්මාරකය පසුගිය සිකුරාදා රාත්‍රියේ දී කඩා දමනු ලැබුවේ උපකුලපතිවරයා දුන් නියෝගයකට අනුව බවට මාධ්‍ය වාර්තා කර තිබිණ.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here