Home දේශීය පුවත් යහපාලන ආණ්ඩුව කෝටි 114ක ඖෂධ හිතුමනාපයට මිලට අරන් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

යහපාලන ආණ්ඩුව කෝටි 114ක ඖෂධ හිතුමනාපයට මිලට අරන් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

by Hela news

අදාළ ගනුදෙනු ගැන සීඅයිඩීයෙන් විමර්ශන

2015 – 2019 යහපාලන ආණ්ඩුව හදිසි මිල දී ගැනීම් යනුවෙන් හුවා දක්වමින් රුපියල් කෝටි 114ක‍ට ආසන්න ප්‍රමාණයක වටිනාකමකින් යුත් ඖෂධ අනවශ්‍ය ආකාරයට මිල දී ගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය රජය සමයේ සිදුකර ඇති එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීති ගත සංස්ථාව මඟින්ද විමර්ශන කටයුතු කෙරෙන බව ඇමැතිවරයා පැවසීය.

පසුගිය රජය අසීමාන්තික මිල ගණන් යටතේ මිලදී ගෙන ඇති ඖෂධ සියල්ලම පාහේ අඩු මිල ගණන් යටතේ වත්මන් රජය යටතේ මිලදී ගැනීම සිදු කෙරෙන අතර මෙමඟින් රුපියල් මිලියන 128ක මුදලක් ඉතිරි කර ගැනීමට‍ හැකිවූ බවද ඇමැතිවරයා පැවසීය. පසුගිය රජය වැඩි මිල ගණන් යටතේ මිලදී ගෙන ඇති ඖෂධ 35කින් සමන්විත ලැයිස්තුවක් ද ඇමැතිවරයා සභාගත කළේය.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේද කීය.

විශේෂයෙන්ම 2015 – 2019 කාලයේ දී ඖෂධ මිල දී ගැනීමේ දී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කර තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොන කියලා ලැයිස්තුගත කර ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කරන්න කියා අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

ඒ වාගේම තමයි අප මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

Captopril 5mg Syrup එක 2019 දි මිල දී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කටයි. අප ආවට පස්සේ 2020 අවුරුද්දේ දී රුපියල් 395.00කට මිලදී ගත්තා. සීයට 138 ගුණයක් මිල ඉහළයි Lorazepam ඉංජෙක්ෂන් එක රුපියල් 17,957කට මිල දී අරගෙන තියෙන්නේ, අප ආවට පස්සේ රුපියල් 373කටයි ගත්තේ . Metaraminol ඉන්ජෙක්ෂන් එක රුපියල් 16,736කට මිල දී ගත්තේ ඒක රුපියල් 3,875.00 කට අඩු වුණා. මේ සියලු මිල අධික ලැයිස්තුව විමර්ශන කටයුතු සඳහා අප භාර දී තියනවා. මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා කතානායකතුමනි, ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිල දී අරන් තියනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියා අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා, ඉල්ලීමක් කරා, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉන්ජෙක්ෂන් එක රුපියල් 55,000.00 කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00 කට ගත්තා. එමගින් ඉතිරි වුන මුදල පමණක් රුපියල් මිලියන 128ක් වෙනවා. මේ අකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි. පැරසිටමෝල් Suppository කරලක්, රුපියල් 165කට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 12ට. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 6.49ට, මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි.

0 comment
0

Related Posts

Leave a Comment