Home දේශීය පුවත් යහපාලන ආණ්ඩුවේ රැකියා දිය හැකි සියලු අමාත්‍යාංශ තිබුණේ ශ්‍රීලනිපයටයි,එජාප නි.නායක.

යහපාලන ආණ්ඩුවේ රැකියා දිය හැකි සියලු අමාත්‍යාංශ තිබුණේ ශ්‍රීලනිපයටයි,එජාප නි.නායක.

by Hela news

අපට ගමට යන්න බැහැ

රැකියා දිය හැකි අමාත්‍යාංශ සියල්ල ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ බැවින් එජාප පාක්ෂිකයන්ට සාධාරණයක් කිරීමට නොහැකි වූ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනක් අමතමින් පෙරේදා (18) ඒ මහතා මේ බව කීවේය.

2015 පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති සකස් කරන අමාත්‍යාංශ එජාපයට හිමි වූ බවත් රැකියා උත්පාදන අමාත්‍යාංශ ශ්‍රීලනිපයට පැවරුණ බවත් කී ඒ මහතා මේ නිසා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට රැකියා ලැබී එජාප පාක්ෂිකයන්ට අසාධාරණයක් වූ බවත් කීවේය.

මේ නිසා එජාප මන්ත්‍රීවරුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් උදා වූ බව කී ඒ මහතා කෙසේ වෙතත් ආණ්ඩුවක් ලෙස එදා ජනතාවට හා රටට ලොකු සේවයක් කළ බවත් කීවේය.

පවතින ආණ්ඩුව එළවීමට නම් එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂ සියලු බලවේග එක් විය යුතුයි. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තිබෙනවා. ලබන වසර වන විට රටේ විශාල පෙරළියක් ඇති වෙනවා. ආණ්ඩුවට තව අවුරුදු තුනක් යන්න බැහැ. යැයි ද මෙහිදී ඒ මහතා කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment