Home උණුසුම් පුවත් මෝටර් රථ අනතුරින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

මෝටර් රථ අනතුරින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

by Hela news

කන්තලේ පොලිස් වසමේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති අතර මෝටර් රථය පැදවූ පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඊයේ (11) රාත්‍රී 11.00ට පමණ එම අනතුර සිදුව ඇති බව කන්තලේ පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ වේගය පාලනය කරගත් නොහැකිව දුම්රිය හරස් මාර්ගයක ඇති ගේට්ටු කණුව ගැටී එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ 55 හැවිරිදි කන්තලේ පොලීසියට අනියුක්තව සේවය කළ නිලධාරියෙකි.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව කන්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

0 comment
0

Related Posts

Leave a Comment