Home ක්‍රීඩා පුවත් මොයීන් අලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි

මොයීන් අලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි

by Hela news

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි ටෙස්ට් තරඟවලින් සමුගැනීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිය පවුලෙන් දීර්ඝ කාලයක් ඈත්ව සිටීමට සිදුවීම ඔහුගේ එම තීරණයට හේතුව වී ඇති බව සඳහන් විය.

ටෙස්ට් තරඟ 64ක් වෙනුවෙන් එංගලන්තය නියෝජනය කර ඇති 34 හැවිරිදි මොයීන් එහිදී ලකුණු 2,914ක් රැස්කර ඇති අතර ලබාගෙන ඇති කඩුලු ගණන 195කි.

ටෙස්ට් පිටියෙන් සමුගත්ත ද ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස ලීග් තරඟාවලි සඳහා මෙන්ම එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටින බව පැවසීය

0 comment
0

Related Posts

Leave a Comment