Home ක්‍රීඩා පුවත් මේස පන්දු ක්‍රීඩිකාවන්ට ලලිත් ප්‍රියන්තගෙන් අත්වැලක්

මේස පන්දු ක්‍රීඩිකාවන්ට ලලිත් ප්‍රියන්තගෙන් අත්වැලක්

by Hela news

මෙරට කාන්තා මේස පන්දු පිටියේ නව ඇරඹුමක් සටහන් කරමින් හිටපු මේස පන්දු ශූර ලලිත් ප්‍රියන්ත මහතා වයස් භේදයකින් තොරව ක්‍රීඩාවේ නිරත වීමට ක්‍රීඩිකාවන්ට අත්වැල සැපයීමට ඉදිරිපත් වී සිටී. මේස පන්දු ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩිකාවන්ට අවුරුදු 20 සම්පූර්ණ වීමෙන් පසු ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදු වන ඕනෑම බාධකයක් මැඬ පවත්වමින් අඛණ්ඩව මේස පන්දු පිටියේ දස්කම් පෑමට අවශ්‍ය අඩිතාලම සැකසීම ලලිත් ප්‍රියන්ත මහතාගේ සැලසුම වී තිබේ.

මේස පන්දු ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩිකාවන් අවුරුදු 20 න් පසු යම් ප්‍රමාණයකින් ක්‍රීඩාවෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් මෙරට දක්නට ලැබෙන බවත්, වැඩි මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවන මේ ක්‍රීඩාවේ අඛණ්ඩව රැඳී සිටීම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට ද විශාල රුකුලක් වන බවත් පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලලිත් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

යම් කිසි අවස්ථාවලදී විවිධ ආබාධවලට ලක් වූව ද, අවුරුදු 70 හෝ 80 දක්වා පමණ වයස් සීමාව වන තුරු මේස පන්දු ක්‍රීඩාවේ නිරත වීමට ක්‍රීඩිකාවන්ට හැකියාව ඇතැයි ඔහුගේ විශ්වාසය වී තිබේ.

මේ ක්‍රීඩාව තුළින් ක්‍රීඩිකාවන්ගේ මානසික අවපීඩනය පවා මඟ හරවා ගැනීමට පසුබිම සකස් කරන බැවින් මේස පන්දු ක්‍රීඩාවේ නිරතව සිටින සියලු වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට සිය හැකියාවන් මුවහත් කරමින් වයස් සීමාවකින් තොරව දස්කම් පෑමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ලලිත් ප්‍රියන්ත මහතාගේ අරමුණ වී තිබේ. මේ සඳහා ජනතා ස්ටීල් ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරියේදී මෙරට මේස පන්දු ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩිකාවන්ට අඛණ්ඩව ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය අඩිතාලම සැපැයීම ඔහුගේ අපේක්ෂාවය.

0 comment
0

Related Posts

Leave a Comment