Home උණුසුම් පුවත් මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක්

මෙවර අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක්

by Hela news

ඉතිහාසගත වන තීන්දුවක්

මෙරට ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සියයට 7.51ක් මෙවර අය වැයෙන් වෙන් කෙරේ. වසර විසි පහකට අධිකට ආසන්න කාලයක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට අයවැයෙන් අමතර රුපියල් කෝටි 3,000ක මුදලක් වෙන් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම ගුරු-විදුහල්පති සංගම්වලට පසුගියදා (10) දැනුම් දුන් අතර, ඒ සමඟ මෙරට අධ්‍යාපනය සඳහා වැය කරන සමස්ත මුදලද සියයට 7.51ක් බවට පත් වන බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අධ්‍යාපනයට සියයට 6ක් වැඩි කර ගන්නට ඇතැම් අය උත්සාහ කළත් අවසානයේ ඔවුන්ගේ වැටුප් වැඩි වීම නිසා සියයට 6 අමතක වූ බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය. මේ රටේ අනාගතය වෙනුවෙන් මෙවර අය වැයෙන් අධ්‍යාපනට සියයට 7.51ක් වත්මන් ආණ්ඩුව විසින් වෙන් කරන්නට තීරණය කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ඉක්මවූ මුදලක් ජාතික අය වැයකින් අධ්‍යාපනයට වෙන් කිරීම ඉතිහාසගත වන සිද්ධියක් බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අධ්‍යාපන හා ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. මෙරට අනාගතය භාර ගැනීමට සිටින ලක්ෂ සංඛ්‍යාත දූදරුවන්ට ගුණාත්මක සහ වඩාත් පහසුකම් සහිතව අධ්‍යාපනය දීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 7% ඉක්මවන මුදලක් අධ්‍යාපනයට වෙන් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අය වැයෙන් යෝජනා කර තිබීම මානව සම්පත බලගැන්වීමේ ප්‍රමුඛ පියවරක් බවද ඔවුහු අවධාරණය කරති.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය බලගැන්වීම සඳහා නැතිනම් අධ්‍යාපනයට නව පණක් එක් කිරීමට කළ සුවිශේෂම යෝජනාව වන බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්නැයි වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් රට පුරා ඉල්ලීම් උද්ඝෝෂණ සහ වැඩ වර්ජන පවා පවත්වා තිබෙන බව සිහිපත් කරන විද්වත්හු එවැනි ප්‍රතිශතයක් ඉක්මවා අධ්‍යාපනය නංවාලීමට මුදලක් වෙන් කිරීම අගය කරති.

ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් මුර්ත වශයෙන් වසර 2015දී අධ්‍යාපනය සඳහා රු. බිලියන 160ක මුදලක් වෙන් කොට තිබිණි. එය වසර 2019දී රුපියල් බිලියන 185ක් දක්වා වැඩි කොට තිබිණි.

වසර 2020දී අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 187ක් විය. එම වැඩි වූ මුදල ප්‍රතිශතයක් ලෙස ග‍තහොත් වසර 2019ට වඩා වසර 2020 වැඩි වූයේ 1%කිනි.

0 comment
0

Related Posts

Leave a Comment