Home ගොසිප් පුවත් මෙලනි විජේ­සිංහ මවන විලා­සිතා

මෙලනි විජේ­සිංහ මවන විලා­සිතා

by Hela news

ලාංකේය මෝස්තර නිර්මාණ වෙළෙඳපොළට ’boutique’ විලාසිතාව නිර්මාණය කරමින් එය´Melache Designer Boutique´ නම් වෙළෙඳ සන්නාමය යටතේ ඉදිරිපත් කරමින් මීට වසර දහයකට පෙර ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසි ඇය මෙලනි විජේසිංහයි.

ශ්‍රී ලංකාවේ AOD උසස් අධ්‍යාපනික ආයතනයෙන් විලාසිතා නිර්මාණකරණය පිළිබඳ හදාරා පසුව එංගලන්තයේ London College of Fashionහිදී Fashion entrepreneurship & innovation පිළිබඳ ආචාර්ය උපාධියද ලබාගන්නා මෙලනි, තම සහජ හැකියාවන් දැනුමින් වඩාත් මුවහත් කරගත් දක්ෂ නිර්මාණ ශිල්පිනියකි.

වසර දහයක් තිස්සේ එකිනෙකට වෙනස්, අපූර්වතම විලාසිතා

නිර්මාණය කරන Melache මෙරට පමණක් නොව විදෙස් රටවල්

අතරද ජනප්‍රිය ශ්‍රී ලාංකේය සන්නාමයකි. ලාංකේය, බ්‍රිතාන්‍ය ආදී විවිධ සංස්කෘතීන්ට අයත් තේමාවන්ගේ ආභාසයෙන් විලාසිතා නිර්මාණය කරන මෙලනි, එංගලන්තයේ ලියාපදිංචි කරන ලද ‘Aphrodite Myrtle නම් විලාසිතා සන්නාමයේද හිමිකාරියයි.

ලොව විවිධ රටවලින් අමුද්‍රව්‍ය සපයා ගනිමින් විවිධ ආභාසයන් තුළින් බිහිකරන නිර්මාණ තුළින් ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන යන මෙලනිගේ සුන්දර විලාසිතා නිර්මාණ කිහිපයකින් මෙවර සැරසේ.

0 comment
0

Related Posts

Leave a Comment