Home ව්‍යාපාර පුවත් මෙරට ප්‍රථම රෝහල ලංකා හොස්පිටල්ස්

මෙරට ප්‍රථම රෝහල ලංකා හොස්පිටල්ස්

by Hela news

සාර්ථක අන්වීක්ෂීය ස්නායු අස්ථි බද්ධ සැත්කම් 140ක් කළ

අන්තර්ජාතිකව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස්, ව්‍යාප්තිය අවම කණ්ටක විලයන සැත්කම් (Minimally Invasive Spinal Fusion Surgeries) 140ක් සාර්ථකව කරමින් සිය ගමන් මඟෙහි සුවිශේෂි සන්ධිස්ථානයක් පසු කළේය. ස්නායු ශල්‍ය අංශයෙන් මෙවන් දක්ෂතාවක් පෙන්වූ එකම දේශීිය රෝහල ලංකා හොස්පිටල්ස්ය. අන්වීක්ෂීය ස්නායු හා අස්ථි බද්ධ සැත්කම් යනු කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා යොදා ගැනෙන වේදනාව සහ කැළැල් අවම වූ නවීන ශල්‍යකර්ම විශේෂයකි. සැත්කම් පටිපාටියෙහිදී ස්නායුවල සිදු විය හැකි හානි අවම කිරීම සඳහා ස්නායු නිරීක්ෂණ හා ස්නායු මඟ පෙන්වීම් යොදා ගැනේ. සාම්ප්‍රදායික සැත්කමකින් සුවය ලබනවාට වඩා කඩිනමින් සුවය ලබන්නට මේ සැත්කම් ක්‍රමය ඉවහල් වෙයි.

“ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය අවම කණ්ටක විලයන සැත්කම් කිරීමේ පුරෝගාමියා මෙන්ම මේ සැත්කම ඉහළම ප්‍රමිතියෙන්, උසස්ම තාක්ෂණයෙන් හා වඩාත් සහනදායි මිලකට කරන දකුණු ආසියාවේ රෝහල් කිහිපයෙන් එකක්. මේ දක්වා අප කළ සැත්කම් සංඛ්‍යාව අපේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ මෙන්ම යොදා ගන්නා තාක්ෂණයේ උසස් මට්ටමට හොඳ සහතිකයක්.” ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි

දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය. “ලංකා හොස්පිටල්ස් වෙතින් ව්‍යාප්තිය අවම කණ්ටක විලයන සැත්කම රුපියල් 550,000කට කර ගත හැකි වුවත් වෙනත් රටකදී ඊට වැය වන මුදල රුපියල් කෝටියක් පමණ වෙනවා. රෝහලේ තිබෙන උසස් මට්ටමේ MRI ස්කෑන් පරීක්ෂාව මඟින් සැත්කමට පෙර රෝගය නිවැරැදිව හඳුනා ගන්නට හැකි වීමත් ලොකු පහසුවක්.” ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ලංකා

හොස්පිටල්ස්හි ස්නායු ශල්‍ය මධ්‍යස්ථානය යනු පැය 24 පුරා සේවයට කැප වූ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකින් සැදුම්ලත් පෞද්ගලික සෞඛ්‍ය සත්කාර ඒකකයකි. EEG සහ EMG පරීක්ෂා සඳහා ඉහළම මට්ටමේ ස්නායුවේදීන් හා ස්නායු-විද්යුත් භෞතවේදීන්ගේ සහායද මධ්‍යස්ථානයට ලැබේ. ස්නායු නිරීක්ෂණය සඳහා Neuro Navigation System, 32 Channel Nerve Monitoring System, Microscopes, 3 Dimensional C-arm ආදි නවීනතම තාක්ෂණික උපකරණද ස්කෑන් පරීක්ෂා සඳහා 3 Tesla MRI යන්ත්‍රද මධ්‍යස්ථානය සතුය.

0 comment
0

Related Posts

Leave a Comment