Home උණුසුම් පුවත් මෙරට ජනතාව අතර ඒකරාශීවීම් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

මෙරට ජනතාව අතර ඒකරාශීවීම් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

by Hela news

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවය.

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත්කරන වාර්තාවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ කරුණු කිහිපයක් එලෙස පෙන්වා දී තිබේ.

ඒ පසුගිය අගෝස්තු 9 සිට 15 දක්වා වූ සතියට අදාළවය.

එම සතිය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 15.8කි.

මෙරටින් හඳුනාගෙන ඇති වෛරස ප්‍රභේද පිළිබඳවත් එම වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ඇල්ෆා , බීටා සහ ඩෙල්ටා ප්‍රභේද හඳුනාගෙන තිබුණත් පළමුවරට බ්‍රසීලයෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බව එම වාර්තාව පෙන්වාදෙයි.

එහි සඳහන් වන තවත් විශේෂ කරුණක් නම් අදාළ කලාපයේ රටවල් තුළ පනවා ඇති කොවිඩ් පාලන සීමා අතරින් සමාජ ඒකරාශීවීම් පාලනයට ශ්‍රී ලංකාව පනවා ඇති සීමා සෙසු රටවලට වඩා වැඩි බවය.

නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳීසිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසු වන බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment