Home විදෙස් පුවත් මෙක්සිකෝ කුඩුරජාගේ බිරියට වසර 3ක සිර දඬුවමක්.

මෙක්සිකෝ කුඩුරජාගේ බිරියට වසර 3ක සිර දඬුවමක්.

by Hela news

මෙක්සිකෝවේ මත් කුඩු රජු ලෙස ප්‍රචලිතව සිටි එල් චැපෝ හෙවත් ගුස්මාන්ගේ බිරිය එමා කොරොනල් අයිස්පුරෝට අමෙරිකාවේ අධිකරණයක් මගින් වසර තුනක සිරදඬුවමක් නියම කළේය. මීට අමතරව තවත් වසර 4ක කාලයක් අධීක්ෂණ කාලසීමාවක් තුළ තැබීමට ද නියෝග කර ඇත.

31 හැවිරිදි එමා ඇයට එරෙහිව ගොනු කර ඇති චෝදනා සියල්ලට වරදකාරිනිය බව පසුගිය ජූනි 10 වැනිදා අධිකරණයේදී පිළිගත්තාය. පෙරේදා මේ තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී සිර දඬුවම් විඳිමින් සිටි නිසා ඇගේ දඬුවම් කාලයෙන් එය අඩු කිරීමට ද තීරණය වී තිබේ.

2007 වසරේදී එල් චැපෝ සමඟ විවාහ වූ මේ සුරූපි කාන්තාවට සිය සැමියාගේ ඩොලර් මිලියන ගණනක වත්කම් පවත්වාගෙන යෑම සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීමට සහාය වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබිණි. හිටපු රූ රැජනක් වන එමා පසුගිය පෙබරවාරියේදී අත්අඩංගුවට පත්වූයේ වර්ජිනියාවේ ඩලස් ගුවන්තොටුපොළේදීය.

0 comment
0

Related Posts

Leave a Comment