Home කාලීන පුවත් මුහුණට වඩා බෙල්ල කළු ද මෙන්න ප්‍රතිකාර

මුහුණට වඩා බෙල්ල කළු ද මෙන්න ප්‍රතිකාර

by Hela news

ඔබේ මුහුණ කොතරම් පැහැපත් වුවත් සිතන්න බෙල්ල වටා කළු නම් ඔබට අවලස්සන පෙනුමක් ගෙන එනවා නේද? ඔබ බොහො දෙනෙකු මුහුණට සත්කාර කළත් බෙල්ල පිළිබඳ සිතන්නෙ අඩුවෙන්. අනිවාර්යයෙන් ඔබ මුහුණට කරනු ලබන සත්කාර බෙල්ලටද කළ යුතුය. අද රසඳුන රූ රහස් ඔස්සේ ඔබව දැනුම්වත් කරන්නේ බෙල්ල, වැළමිට සහ අත් යට කළුවීමට නිවසේදීම කළ හැකි ආයූර්වේද ප්‍රතිකර්ම පිළිබඳයි. ඒ සඳහා සිළුමිණ රසඳුන සමඟ පිළිසඳරෙහි යෙදෙන්නෙ රංගන ශිල්පිනියක් සේම ආයූර්වේද වෛද්‍යවරියක් වන අයෝම් ශානිකායි.

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ බෙල්ල වටා කළු වීම සහ වැළමිට ඒ වගේම අත් යට කළු වීම පිළිබඳ ප්‍රශ්නය ගැනයි. බොහෝවිට කළු වීම මම දකින්නෙ සෞබ්‍යමය ගැටලුවක් ලෙස. කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා හෝමෝන අසමතුලිතතාව හට ගනියි. මෙහිදී මසකට වතාවක් ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවනවා වගේම ඩිම්බ මේරීම, ඩිම්බ නිසි කාලෙට නිදහස් නොවීම වැනි තත්ත්වයන් ඇති වීමට පුළුවන්. වර්තමානයේ මෙය හඳුන්වන්නෙ PCOS ( polycystic ovary syndrome) යනුවෙන්. එසේම ගර්භාෂයේ Endometriosis මෙන්ම Fibroid වැනි රෝග තත්ත්ව නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතාව මඟින් බෙල්ල වටා කළු වීම සහ රැලි වැටීම වැනි තත්ත්ව දැක ගැනීමට හැකියි.

ආයූර්වේදානුකූලව කතා කරනවා නම් අප ගන්නා ආහාර රස, රක්ත, මාංස, මේදය, අස්ථි මජ්ජා ලෙස සප්ත ධාතු පරිවර්තනය වී අවසානයේ ශුක්‍ර ලෙස සෑදෙයි. මේ කියන ඩිම්බ සහ ශුක්‍රාණු හරිහැටි නොහැදීමට හේතුව ලෙස අපට දක්වන්නට හැකියි ධාතු නිසිලෙස පරිවර්තනය නොවීම. එබැවින් වෛද්‍යවරයෙක් වෙත ගිය පසු අපගේ රස ධාතුව එනම් සමේ විවිධ වෙනස්කම් අනිවාර්යයෙන් පරීක්ෂා කරගත යුතුයි. අනික් ධාතූන්ද නිසි ලෙස පරිභෝජනය නොවීමට හේතුව අපට වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගැනීමට හැකියි. අවසානයේ මේ තත්ත්වයට එනවිට ධාතු හතම දූෂණය වීමකට ලක් වී තිබෙනවා. බොහෝවිට ආයුර්වේදයේ නම් අප සිදු කරන්නෙ රෝගයේ ආරම්භයට ඖෂධ ලබා දීම.

බෙල්ල කළු වී තිබෙන විට මතුපිටින් ගැල්වීමට ආලේප ලබා දී ඔබව පිටත් කිරීමට හැකි වුවත් අප බොහෝවිට කරනු ලබන්නෙ අභ්‍යන්තරයට ඖෂධ ලබා දීමයි. මෙහි ඖෂධ හා ආහාරත් අවසානයේ ඉහත ක්‍රමයට රස, කේත වලට පැමිණ ඩිම්බ සහ ශුක්‍රාණු වලට බලපා හෝමෝන අසමතුලිතතාව සමතුලිතතාවට පත් කරගෙන මේ කතා කරනු ලබන ලක්ෂණ පලවා හරිනු ලබයි. නැතිනම් අප තාවකාලිකව රූපලාවණ්‍යාගාරයකට ගොස් හෝ යම්කිසි ආලේපනයක් භාවිත කළත් මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට නොහැකිය. සුවතාවක් ලැබුණත් කලක් යනවිට නැවත රෝගය අනිවාර්යයෙන් යථා තත්ත්වයට පත්වෙනු ලබයි. හැකිනම් ආයූර්වේද ප්‍රතිකර්ම වලට යොමු වී ස්වභාවිකවම මෙම හෝමෝන අසමතුලිතතාව සමබර කර ගන්න. නැතිනම් බාහිරින් හෝමෝන පෙති වැනි දේවල් ලබා ගතහොත් මේ තත්ත්වය දරුණු අතට හැරෙන්නට පුළුවන්. එම නිසා විශේෂයෙන්ම ඔබට හැකිනම් ආයූර්වේද ප්‍රතිකර්ම වලට යොමුවන්න.

විශේෂයෙන්ම අවුරුදු දහතුන දා හතර වයසෙ පසුවන දුවලා මල්වර වීමෙන් පසු ඔසප් චක්‍රය ක්‍රමවත්ව නොවේ නම් කලබල නොවන්න. එසේ නොවෙන්න හේතුව ඔවුන්ගේ ධාතු පරිණත නොවී තිබීම. මල්වර වූවට ඔවුන්ගෙ දේහය තවත් වැඩීමට අවශ්‍යයි. නමුත් ඔබට අවුරුදු දහ අට පසුවුණ පසු මෙම ගැටලු තිබෙනවා නම් වෛද්‍යවරයෙක් හෝ මුණ ගැසෙන්න. මෙවැනි අක්‍රමිකතා වල ප්‍රතිඵලය මඳසරු භාවයයි. එනම් විවාහ වී දරුවන් නොලැබීම. මෙම තත්ත්වයන්ට අමතරව රෝම වැඩීම, බර වැඩිවීම, තරබාරුව වැනි ලක්ෂණ තිබෙනවා නම් සැලකිලිමත් වෙන්න.

ඒ වගේම පහත සඳහන් කරන ප්‍රතිකර්ම ඔබට නිවසේදීම සිදු කර ගන්නට පුළුවන්. නමුත් බාහිර ප්‍රතිකර්ම කිරීම මඟින් මේ දේවල් ආයේ ආයේ එන්න පුළුවන්. අපි මේ දේවල් කරන්නෙ ලෙඩ වලින් ඇතිවුණ ප්‍රතිකර්ම නිසයි. එම නිසා මෙම ප්‍රතිකර්ම සිදු කරන ගමන් වෛද්‍ය ප්‍රතිකර්මත් ලබා ගන්න උනන්දු වන්න.

කෝමාරිකා යනු ඉතාමත්ම හොඳ ඖෂධයක්. එහි මදය සූරා බෙල්ල වට ආලේප කර විනාඩි විස්සකින් සෝදා හරින්න.

බේකින් සෝඩා තේ හැඳි තුනක් සහ වතුර තේ හැඳි එකක් ගෙන ( තුනට එක අනුපාතයට) එය තලපයක් සේ සාදා බෙල්ල වට ආලේප කරන්න. පසුව විනාඩි විස්සකින් සෝදා හරින්න.හැකිනම් සතියට දෙතුන් පාරක් මෙම සත්කාරය සිදු කරන්න.

අර්තාපල් අලගෙඩිය හොඳින් සුද්ද කර හොඳින් අඹරා එහි යුෂ ගෙන ගල්වා විනාඩි පහළොවක් පමණ තබා අයිස් වතුරින් සෝදා හරින්න.

අත් යට කළු වීම හෝමෝන ගැටලුවක් නොව එය ඔබ අත් යට රෝම ඉවත් කර ගන්නා රසායනික ද්‍රව්‍යවල බලපෑමක්. එයට පිපිඤ්ඤා පෙති කිහිපයක් ගෙන දෙහි ස්වල්පයක් මිශ්‍ර කර එයට කහ ටිකක් එකතු කර හොඳින් අත් යට අතුල්ලා ඉවත් කරන්න.

ෆෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් සහ කිරිපිටි මේස හැඳි දෙකක් ගෙන එයට මුදවපු කිරිද මේස හැඳි දෙකක් එකතු කර තලපයක් සේ සාදා අත් යට ගල්වා සෝදා හරින්න.

කඩලපිටි මේස හැඳි දෙකකට යෝගට් මේස හැඳි එකක් එකතුකර එයට ලෙමන් යුෂ මේස හැඳි එකක් සහ කහ කුඩු ස්වල්පයක් එකතු කර තලපයක් සේ සාදා ආලේප කර පැයක් විතර තබා සෝදා හරින්න.

ලෙමන් යනු ඉතාමත් හොඳ දෙයක්. කළු වී තිබෙන තැනවල ලෙමන්වලට මී පැණි ස්වල්පයක් එකතු කර ආලේප කර විනාඩි විස්සක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සීනී සහ ඔලිව් ඔයිල් ( එකට එක අනුපාතයෙන්) එකතු කර හොඳින් ආලේප කර මඳ උණුසුම් ජලයෙන් පැයකට පමණ පසු සෝදා හරින්න.

අනිවාර්යයෙන් අභ්‍යන්තර ඖෂධ ලබා ගන්න.

0 comment
0

Related Posts

Leave a Comment