Home දේශීය පුවත් මුද්‍රා තැබූ ගබඩාවකින් සීනි රැගෙන ගිහින්

මුද්‍රා තැබූ ගබඩාවකින් සීනි රැගෙන ගිහින්

by Hela news

මුද්‍රා තබා තිබූ සීනි මෙට්‍රික් ටොන් 4,100ක් සහිත ගබඩාවකින් සීනී මෙට්‍රික් ටොන් 320ක් නීතීවිරෝධි අයුරින් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව අනාවරණ වී තිබේ.

පසුගියදා මුද්‍රා තබා තිබුණු වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ සීනි ගබඩාවකින් මෙම සිදුවීම වාර්තා වෙයි.

එලෙස සීනී තොග ගබඩාවෙන් පිටතට රැගෙන යෑමට පැමිණි ලොරි රථයක් ද එහි ගිය නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් විසින් යළිත් එම සීනි තොගයට මුද්‍රා තබනු ලැබීය.

එමෙන්ම ගබඩා භාර නිලධාරීන් දෙදෙනා සහ ලොරි රථ රියදුරු කඩවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශවල ගබඩා හතරක, ලියාපදිංචි කළ ප්‍රමාණයට වඩා සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 4,036ක් අද සොයා ගැනුණි.

කෙසේවෙතත් අදාළ සීනි ගබඩා භාරකරුවන් සඳහන් කළේ දෛනිකව සීනි තොග ගබඩාවලට ලැබෙන බැවින් සීනි තොග වැඩි වී ඇති බවය.

සීනි තොග සඟවාගෙන සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සොයා අද දෙරණ උකුස්සා පසුගිය දින කිහිපය පුරාම මෙහෙයුම් දියත් කළේය.

අද දිනයේත් සඟවා තිබූ සීනි සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර ඊට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්වී තිබුණි.

මෙම වැටලීම් කණ්ඩායම පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සොයා ගනු ලැබීය.

එම ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් තිබුණත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊට මුද්‍රා තබනු ලැබුවේ රජයට දැනුම් දී තිබූ සීනි ප්‍රමාණයට වඩා මෙම ගබඩාව තුළ සීනි තොග සඟවා තබාගැනීම හේතුවෙනි.

මේ අතර වත්තල මාබෝල ප්‍රදේශයේ ගබඩාවකද රජයට දැනුම් දී ඇති ප්‍රමාණය ඉක්මවා යමින් එහි සීනි තොග සඟවා තිබූ මෙට්‍රික් ටොන් 936 ක් පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගැනුණි.

සීනිවලට අමතරව සහල් පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද මෙම ගබඩාවේ තිබූ බැවින් එම ගබඩාවට මුද්‍රා තැබීම සිදු නොවීය.

0 comment
0

Related Posts

Leave a Comment