Home උණුසුම් පුවත් මිහින්තලයෙන් ඇසෙන ඛේදනීය කතාව

මිහින්තලයෙන් ඇසෙන ඛේදනීය කතාව

by Hela news

පොල් ගසක් ඇගට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් මතට කපන ලද පොල් ගසක් වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර, නරියන්කුලම හන්දිය, මිහින්තලය මාර්ගයේ ඊයේ (10) දී එම අනතුර සිදුව ඇත.

කොන්ත්‍රාත් පදනම මත විදුලි රැහැන්වලට අනතුරුදායක ගස් අනාරක්ෂිතව ඉවත්කරමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකාරිය සහ පසු පැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව පසු පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පහලගම, උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18 සහ 30 වයස්වල පසුවන කැබිතිගොල්ලෑව හා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment