COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය හමුවේ මැලේසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගත්තේ ය.
ඒ එරට අග්‍රාමාත්‍ය මුහියිදීන් යසීන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි .
කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම, මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ වුවත් මෙය අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට සුවිශේෂ බලතල ලබාදෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව නව නීති හඳුන්වාදීමට ද මේ යටතේ රජයට හැකියාව ලැබෙනු ඇති.
මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග මැලේසියාවේ කොටස් වෙළඳපොළෙහි කොටස් අගය ද 1 .3% ක ප්‍රතිශතයකින් පහත වැටිණ.