Home ක්‍රීඩා පුවත් මැදපෙළ පිතිකරුවෙකු ට වගකීම වැඩියි -භානුක රාජපක්ෂ

මැදපෙළ පිතිකරුවෙකු ට වගකීම වැඩියි -භානුක රාජපක්ෂ

by Hela news

මැදපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසීමේදී කණ්ඩායම වෙනුවෙන් ඉටුකිරීමට ඇති වගකීම් ප්‍රමාණය ඉහළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි.

නැමීබියාවට එරෙහිව පැවැති තරඟය ජය ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය –  දැන් ඔබට නව ස්ථානයක් ලැබිලා තියෙනවා නොම්බර 5. ඒ ගැන මොකද හිතන්නේ ?

“මහේල අයියා අපේ ටීම් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරා. අවිශ්ක නොම්බර 4ට ගෙනාවා. මාව නොම්බර 5ට ගෙනාවා. ඕපනින් එකට පැතුම් නිශ්ශංකව නැවත ඇතුළට ගෙනාවා. මම හිතන්නේ අපිට වගකීමක් භාරදුන්නා කියලා හිතෙනවා. ඉතින් ඒ වගකීම අපිට මැච් 5ක් 6ක් වගේ ගහන්න ලැබුණා මේ තැන. එකම දේ තමයි මැච් එකක් දෙකක් ෆේල් වුණා කියලා ඩ්‍රොප් කරේ නෑ කවුරුත්. තමන්ට මොකක් හරි ගෝල් එකක් කතා කරලා දෙද්දි ඒක භාරගෙන කරද්දි ලේසියි ගහන්න. මැදපෙළ පිතිකරණය කරන කොට මම හිතන්නේ වගකීම ටිකක් වැඩියි. මම හිතනවා ඒක ටීම් එකටත් හොඳ විදියට බලපෑවා කියලා.”

0 comment
0

Related Posts

Leave a Comment