මැජික් මිලියන කුසලානය පුංචි එංගලන්තයේ රැජන අල්කාසාබා දිනයි

0
48

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කළ නුවරඑළිය තුරඟ තරග පිටියේ අවසන් තරගාවලියේදී අභියෝග රැසක් මැද පුංචි එංගලන්තයේ රැජන ලෙස සැලකෙන අල්කාසාබා වෙළඹ මැජික් මිලියන කුසලානය දිනාගත්තාය.

එඩ්වර්ඩ්ස් අශ්වගාලේ පූර්ණි එඩ්වර්ඩ්ස් මහත්මිය සතුවූ අල්කාසාබා වෙළබ ජේ. චිනෝයි විසින් මෙහෙයවන ලද අතර එස්. ඩී. මහේෂ්ගේ පුහුණුව යටතේ තරගයට එක්ව සිටියාය.

ආණ්ඬුකාර කුසලාන තුරඟ තරගයේ ජය වාර්තා කළ විවේක් මෙහෙයවන ජයරත්න අශ්වගාලේ වෙස්ටන් වින්ඩ් අසු තෙවැනි ස්ථානයට පත් කිරීමට අල්කාසාබා වෙළබ සමත්වීම කැපී පෙණුනි. රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතාට අයත් ස්පිරිට්ඩ් ටච් අසු දෙවැනි ස්ථානයට පත්වූ අතර එඩ්වර්ඩ්ස් අශ්වගාලේ වෙස්ටර්න් වින්ඩ් තෙවැනි තැනට පත් විය.

දැඩි සෞඛ්‍ය නීති රීති මැද පැවැත්වූ මෙවර තරගාවලිය අවසාන වෙද්දී කොරෝනා වසංගතය හදිසියේම ඉහළ යාමෙන් පසුව ආරක්ෂක පියවරක් ලෙස නුවරඑළිය ධාවන පථයට සහභාගී වූයේ තුරඟ අයිතිකරුවන්, පුහුණුකරුවන්, ජොකී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ සංවිධායකයින් වැනි 50කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

මීටර් 1600කින් සමන්විත ස්පෝටිං ස්ටාර් කුසලාන තරගයේ ජයග්‍රහණය හසංග ජයරත්න මහතාට අයත් අනදර් ඒස් සතුවූ අතර රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතාට අයත් සිල්වර් ස්ට්‍රීක් දෙවැනි තැනට හා එඩ්වර්ඩ්ස් අශ්වගාලේ සැන්ටෝස් තෙවැනි තැනට පත් විය.

මීටර් 1600කින් සමන්විත ශ්‍රී ලංකා රක්ෂණ මෝටර් ප්ලස් කුසලාන 3 වන පන්තියේ තරඟය අජන්ත ද සොයිසා මහතාට අයත් විගෝරියස් අසුට හිමි විය. ෆෙයාලර්ස් අශ්වගාලේ කේ. සංජීවන් මෙහෙයවූ ඔලිව් දෙවැනි තැනට හා එම අශ්වගාලේම අනීල් විසින් පදවන ලද හොනොරියස් තෙවැනි තැනට පත් විය.

මීටර් 1400 දුරැති පස්වැනි පන්තියේ තරගයේදී වෛද්‍ය ධනවර්ධන ගුරුගේ මහතාට අයත් කේ. නායිදු මෙහෙයවූ ක්‍රබී අසු පළමු තැනට පත්වූ අතර හසංග ජයරත්න මහතාට අයත් ආර්. වයිබාහී මෙහෙයවූ වේටින් ෆෝ ග්ලෝරි දෙවැනි ස්ථානයට පත්වූ අතර එඩ්වර්ඩ්ස් අශ්වගාලේ චිනෝයි මෙහෙයවූ ගෝල්ඩි ගර්ල් තෙවැන ස්ථානයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here