Home විදෙස් පුවත් මාලි සාමසාධක හමුදාවට ප්‍රහාරයක්

මාලි සාමසාධක හමුදාවට ප්‍රහාරයක්

by Hela news

මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා රාජකාරී කටයුතුවල නිරතව සිටින අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් සාමසාධක හමුදා භටයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසන්නේ සාමසාධක හමුදාවන් වෙත එල්ලවු මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ යුධ අපරාධයක් වන බවය.

කෙසේවෙතත් මාලි රාජ්‍යයේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකානු හමුදා සාමසාධක කටයුතුවල නිරතව සිටිමින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කර තිබේ.

මාලි රාජ්‍යය වෙත අන්තවාදී කණ්ඩායම් විසින් සිදුකරනු ලබන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා 2013 වසරේ සිට අමෙරිකානු හමුදාවන් මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

0 comment
0

Related Posts

Leave a Comment