Home ගොසිප් පුවත් මාර වැඩ්ඩෙක්

මාර වැඩ්ඩෙක්

by Hela news

ආණ්ඩුවේ ගුණය වර්ධනය කරන බලවත් ඇමැති කෙනෙක් මේ ළඟදී රටේ දෙවැනි මහත්තය හම්බවුණාලු. හම්බවෙලා එයාගේ අමාත්‍යංශයේ ලොකු ලියන මහත්තයා එක්ක වැඩ කරන්න බෑ කියල බරපතළ පැමිණිල්ලක් කළා කියලයි ආරංචිය. තමන්ට ලොකු මහත්තයගෙන් පත්වීම ලැබුණු නිසා ඇමැතිවරු ගණන් ගන්නෙ නැති ලියන මහත්තයෙක් හැටියට මුන්නැහේ ප්‍රසිද්ධයිලු. මේ ඇමැතිතුමාට කලින් හිටිය විෂය භාර ඇමැතිතුමා මෑතකදී අමාත්‍යංශයෙන් අයින්වෙලා ගියෙත් මේ ලොකු ලියන මහත්තයගේ හුටපට නිසා කියලයි ආණ්ඩුවේ කතා වෙන්නේ.

කොහොම නමුත් විෂය භාර ඇමැතිතුමාගේ පැමිණිල්ල රටේ දෙවැනි මහත්තයට ඉදිරිපත් කරන ගමන් උන්නැහේ මේ අමාත්‍යංශයෙ ලියන මහත්තයා වැඩේට සුදුසු වෙනත් ප්‍රබල නිලධාරියකුගේ නමත් කියල තියෙනවලු. මේ ප්‍රශ්නය විසඳන්න බැරි නම් ප්‍රශ්නයට විසඳුමක් නැත්තම් තත්ත්වය අමාරුවෙයි කියල මෙයා දෝස් මුරයකුත් දැම්මලු. අන්තිමේදි මේ ප්‍රශ්නය ලොකු මහත්තයගෙ කන්තෝරුවට පැමිණිලි කරන හැටියටත් ඒ ගැන රටේ ලොකු මහත්තයට කියන බවත් දෙවැනි මහත්තය ඇමැති තැනට දැන්නුව බවත් ආරංචියි.

0 comment
0

Related Posts

Leave a Comment