මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවෙයි

0
156

වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ.

එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ් ප්‍රභේදයක් හා එක්වූ, වඩාත් මාරාන්තික නව කොවිඩ් වෛරසය මෙලෙස හඳුනාගෙන ඇත.

මෙලෙස හමුවූ නව වෛරසය ප්‍රභේදය දෙමුහුන් වෛරසයක් ලෙසින් නම්කර තිබේ.

විද්‍යාඥයින්ගේ මතය වන්නේ, වෛරස ප්‍රභේද ද්විත්වයේ ජාන එකිනෙක මිශ්‍රවීමෙන් මෙසේ නව දෙමුහුන් ප්‍රභේදය හටගෙන ඇති බවය.

වඩාත් වේගයෙන් ව්‍යාප්තවීමට ඇති හැකියාව මෙම නව ප්‍රභේදයේ විශේෂත්වයයි.

එමෙන්ම එම වෛරසය එන්නත් සඳහාද අඩු ප්‍රතිචාර දක්වන බව විශේඥයින් පවසයි.

වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කැලිෆෝනියාවේ වෛරස ආසාදිතයෙකුගෙන් ලබාගත් සාම්පලයකිනි.

එහෙත් විද්‍යාඥයින් විශ්වාසය පළකරන්නේ වෛරසය මෙතෙක් සමාජයේ පැතිරගොස් නොමැති බවය.

යම් හෙයකින් එය පැතිර ගියහොත් වඩාත් අසීරු තත්ත්වයකට ලෝකයට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔවුන් පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here