Home උණුසුම් පුවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා

මාර්ග රැසක ගමනාගමනයට බාධා

by Hela news

දිස්ත්‍රික්ක රැසකට නාය යාමේ රතු නිවේදන

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහනුව, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සහ මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර, හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මීගමුව – පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල – ගොඩවල මංසන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment