Home උණුසුම් පුවත් මාතරින් සොයාගත් නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය (වීඩියෝ සහිතයි

මාතරින් සොයාගත් නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය (වීඩියෝ සහිතයි

by Hela news

මාතර, ගන්දර ප්‍රදේශයේ ස්ථානයක නීතිවිරෝධී අයුරින් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බවට “අද දෙරණ උකුස්සා” ට රහසිගත තොරතුරක් ලැබුණි.

දින ගණනක් ඒ පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී උකුස්සාට තහවුරු වූයේ ප්‍රදේශයේ නිවසක පුපුරණ ද්‍රව්‍ය සූක්ෂ්මව ගබඩාකර ඇති බවය.

පසුව උකුස්සා ඒ පිළිබඳව විශේෂ කාර්ය බලකා දකුණු පළාත් ඒකකය වෙත දැනුම් දුනි.

ඒ කන්තලේ විශේෂ කාර්ය බලකා බුද්ධි ඒකකයේ සම්බන්ධීකරණය ඇතිවය.

ඒ අනුව විශේෂ කාර්ය බලකා දකුණු පළාත් ඒකකය එම ස්ථානයට රහසිගතව ඇතුළු වුණි.

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එහිදී සොයාගත් බව එම නිලධාරීන් පැවසීය.

පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබූ එම ප්‍රදේශයේම තවත් නිවසක් පිළිබඳ මෙහිදි තොරතුරු හෙළිවූ අතර එම නිවස වැටලීම සඳහා තවත් කණ්ඩායමක් අනතුරුව යැවීය.

විශේෂ කාර්ය බලකාය එහි පැමිණෙන බවට තොරතුරු ලැබීමත් සමග එහි සිටි පිරිස් එම පුපුරණ ද්‍රව්‍ය අසල වත්තක සැඟවීමට උත්සාහ කර තිබුණි.

නමුත් එම නිවසේ සිටි කාන්තාවක් ඒ පිළිබඳව තතු නිලධාරීන් හමුවේ අනාවරණ කළාය.

මෙම වැටලීමේදී ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3,050ක විශාල ප්‍රමාණයක් සොයාගැනීමට නිලධාරීන් සමත්විය

එමෙන්ම ජෙලග්නයිට් කූරු 672ක්, සේවා නූල් මීටර් 500ක් ද ඔවුන් භාරයට ගත්තේය.

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් හෙළිකළේ ගල්කොරියක් පවත්වාගෙන යාමේ බලපත්‍රයක් යොදාගනිමින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොග ළඟ තබාගත් බවය.

නමුත් එය ද කල් ඉකුත් වූ බලපත්‍රයක් බව හෙළිවිය.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර තිබුණේ ද නීතිවිරෝධි අයුරිනි

0 comment
0

Related Posts

Leave a Comment