Home විදෙස් පුවත් මහ ගංවතුරෙන් ‘තිරුපති‘ යටවෙයි – බැතිමතුන් සිරවෙයි

මහ ගංවතුරෙන් ‘තිරුපති‘ යටවෙයි – බැතිමතුන් සිරවෙයි

by Hela news

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ පීඩන අවපාතයේ බලපෑම යටතේ ඇදහැලෙන අධික වැසි සමග ඇතිවූ ජලගැල්මෙන් ඉන්දියාවේ තිරුපති වැදපුදා ගැනීමට ගිය බැතිමතුන් දේවස්ථානය තුළ සිරවී සිටින බව වාර්තා වේ. ආන්ද්‍ර ප්‍රදේශ් හි චිත්තූර් දිස්ත්‍රික්කයේ තිරුපති පිහිටා ඇත. මේ අතර අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අඛණ්ඩ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් ඉන්දියාවේ තිරුපති දේවස්ථාන නගරය මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් තිරුපති දේවස්ථානය පිහිටි කදුකර ප්‍රදේශයට පිවිසෙන මාර්ග සියල්ලම ජලයෙන් යටවී ඇතැයි සදහන්වේ.  එහි අතරමංවූ බැතිමතුන්ට දේවස්ථාන භූමියේ නවාතැන් පහසුකම් හා ආහාර ලබා දීමට එහි භාරකාර සභාව කටයුතු කරමින් සිටියි.

0 comment
0

Related Posts

Leave a Comment