Home උණුසුම් පුවත් මහමඟ ගමන්කරන පුද්ගලයින්ගෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන්

මහමඟ ගමන්කරන පුද්ගලයින්ගෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන්

by Hela news

බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයුම

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී විවිධ හේතූන් මත මහාමාර්ගයේ ගමන්ගත් 100 දෙනෙකුව අලුත්ගම දර්ගා නගරයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය.

අලුත්ගම පොලිස් නිලධාරීන් හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම කටයුතු ක්‍රියාත්මක කළ බව අප වාර්තාකරු පැවසීය.

එහිදී පුද්ගලයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.

මේ අතර ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 4602 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහ‍ළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන් වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment