Home දේශීය පුවත් මහනුවර ජනතාව මොඩර්නා එන්නතේ දෙවැනි මාත්‍රාව හැකි ඉක්මනින් ගන්න

මහනුවර ජනතාව මොඩර්නා එන්නතේ දෙවැනි මාත්‍රාව හැකි ඉක්මනින් ගන්න

by Hela news

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

කොවිඩ් මර්දනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයට දුන් මොඩර්නා එන්නත ඉදිරි මාස දෙක අවසන් වන විට කල් ඉකුත් වන නිසා එම දිස්ත්‍රික්කයේ එන්නත ගැනීමට අපේක්ෂා කරන පිරිස හැකි ඉක්මනින් එය ගැනීමට යොමු වන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රාව නොගත් පිරිසක් සිටින බවත් එක් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පූර්ණ එන්නත්කරණයට ලක් නොවන අතර දෙවැනි මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (03) පැවැසුවේය.

ඇමරිකානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මේ මොඩර්නා එන්නතේ කාලය ඉකුත් වූ පසුව නැවත එවැනි එන්නතක් ලබාදීමට නොමැති බවත් එම නිසා හැකි ඉක්මනින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව මේ එන්නත ලබාගැනීමට යොමු විය යුතු බවත් හෙතෙම පැවැසීය.

0 comment
0

Related Posts

Leave a Comment