Home විදෙස් පුවත් මසක් ඇතුළත කාශ්මීරයේ ඝාතන 44ක්

මසක් ඇතුළත කාශ්මීරයේ ඝාතන 44ක්

by Hela news

වසර 2019 දී ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ස්වාධීන පාලනයක් ස්ථාපිත කරමින් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය සංශෝධනය කිරීමෙන් පසු මේ වසරේ ඔක්තෝබර් මාසය මෙතෙක් වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ මාසය බවට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගත වූ ඔක්තෝබර් මාසයේදී එම ප්‍රාන්තයේ ඝාතන 44ක් සිදු වී ඇතැයි ද, එහි වැඩිදුරටත් සඳහන් වේ.

වාර්තා වූ ඝාතන අතරට හමුදා මරණ 19ක් සහ සිවිල් මරණ 13ක් ඇතුළත් වී තිබේ. දකුණු කාශ්මීරයේදී ඔක්තෝබර් 1 වැනිදා පාකිස්තානය කේන්ද්‍ර කරගත් ලෂ්කර් ඊ ටයිබා සංවිධානයේ ප්‍රහාරයකින් එම ප්‍රාන්තයේ හමුදා සෙබළුකු ඝාතනයට ලක් වී ඇති අතර, ඉන් ආරම්භ වූ ඝාතන රැල්ල නාඳුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනකු ශ්‍රීනගර් හි ඝාතනයට ලක්වීමෙන් පසු ඉදිරියට ඇදී ගිය බව ඉන්දීය පුවත්පත් වාර්තා කළේය. ඊට දින දෙකකට පසු කාශ්මීරයේ කීර්තිමත් ව්‍යාපාරිකයකු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනකු ඝාතනයට ලක් වූ බවත්, ඔක්තෝබර් 7 වැනිදා රජයේ පාසල් ගුරුවරුන් දෙදෙනකු ඝාතනයට ලක් වී ඇති බවත් වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment