Home ගොසිප් පුවත් මලාලා යූසෆ්සායි යුග දිවියට

මලාලා යූසෆ්සායි යුග දිවියට

by Hela news

නොබෙල් සම්මානලාභිනිය ක්‍රිකට් ප්‍රධානියෙක් සමග එක්වෙයි

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසොෆ්සායි ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව විවාහ ගිවිස ගෙන තිබේ.

තමන් විවාහ ගිවිසගෙන ඇති බව ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“අද මගේ ජීවිතයේ වටිනා දවසක්. අස්සර් සහ මම ජීවිතයේ හවුල්කරුවන් ලෙස විවාහ දිවියට එළෙඔුණෙමු. අපි අපේ පවුලේ අය සමග එක්සත් රාජධානියේ බර්මින්හැම්හිදී අපගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය සැමරුවෙමු. ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය අප වෙත ලබා දෙන්න.” යනුවෙන් ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

Today marks a precious day in my life.
Asser and I tied the knot to be partners for life. We celebrated a small nikkah ceremony at home in Birmingham with our families. Please send us your prayers. We are excited to walk together for the journey ahead.
????: @malinfezehai pic.twitter.com/SNRgm3ufWP

— Malala (@Malala) November 9, 2021

එම ට්විටර් පණිවුඩයේ ඇය තම සැමියා පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති අතර සාමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් මලාලාගේ සැමියා පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරවරයා වන අස්සර් මලික් ලෙස හඳුනා ගෙන තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment