Home විදෙස් පුවත් මලාලා යුග දිවියට

මලාලා යුග දිවියට

by Hela news

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ පාකිස්තාන ජාතික යූසුෆ් මලාලා යුග දිවියට පිවිසියාය. එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ඇය පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූයේ සිය අසර් මලික් සමඟය. ඉස්ලාම් චාරිත්‍රානුකූලව පැවැති ‘නිකා‘ උත්සවයට අනුව මේ විවාහය සිදු වූ අතර, එම අවස්ථාවට ඇගේ පවුලේ සාමාජිකයෝ ද එක් වූහ.

මේ දිනය තම ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස සළකන බව විවාහයෙන් පසු 24 හැවිරිදි මලාලා බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළාය.

වසර 2012 කාලයේ එවකට 15 හැවිරිදි වියේදි කාන්තාවන්ට අධ්‍යාපනය සඳහා ඇති නිදහස පිළිබඳ හඬක් නැගීම නිසා තලේබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයට ලක්ව හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු දිවි ගලවා ගත් මේ දිරිය යුවතිය පසුව සිය පවුලේ සාමාජිකයන් සමඟ එංගලන්තයට සංක්‍රමණය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි

0 comment
0

Related Posts

Leave a Comment