Home විදෙස් පුවත් මලාලාගෙන් ඉම්රාන්ට දොස්

මලාලාගෙන් ඉම්රාන්ට දොස්

by Hela news

පාකිස්තානයේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධව අන්තර්ජාතික අවධානය යොමු වී ඇති අතර, එරට තහනම් කරන ලද දේශපාලන පක්ෂයක් වන ටෙහ්රීක් ඊ ලෙබ්බෙක් පක්ෂයේ ඇතැම් පාර්ශ්ව සමඟ එරට රජය සාකච්ඡා පැවැත්වීම මතවාදයට තුඩු දී ඇතැයි වාර්තා වේ. පසුගිය දින ගණනාවක සිට එරට විවිධ පළාත්වල එම පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සිදු කරනු ලබන උද්ඝෝෂණ හේතුවෙන් පාකිස්තානයේ ජන ජීවිතය ද දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

පාකිස්තාන රජය තහනම් දේශපාලන පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීම සිදු නොවිය යුත්තක් බවත්, පාකිස්තාන තලේබාන් සංවිධානයට හිස එසැවීමට ඉඩ නොතැබිය යුතු බවත් ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන යූසුෆ් මලාලා ප්‍රකාශ කළාය. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මේ යුවතිය පසුගියදා යුග දිවියට පිවිසි අතර, සිය දේශපාලන කටයුතුවල නිරතවීම හා මුස්ලිම් කාන්තා නිදහස වෙනුවෙන් හඬ නැඟීම විවාහයෙන් නොනවතින බව තරයේම කියා සිටියාය.

පාකිස්තානයේ ඩෝන් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මලාලා කියා සිටියේ ගිවිසුම්වලට එළැඹිය යුතුවන්නේ විශ්වාසනිය පාර්ශ්ව සමඟ පමණක් බවය.

0 comment
0

Related Posts

Leave a Comment