Home ක්‍රීඩා පුවත් මම සූදානම් – මැතිව්ස් දන්වයි

මම සූදානම් – මැතිව්ස් දන්වයි

by Hela news

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී තමාව නොසලකා හරින ලෙස මීට පෙර දන්වා තිබු හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

ඔහු ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට දන්වා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ මැතිව්ස් විසින් නිකුත්කර නොමැත.

මීට මාස කිහිපයකට පෙර කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඔහු තාවකාලිකව කණ්ඩායමට එක්වීමෙන් වැළකිණි.

අනතුරුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇතැයි යනුවෙන්ද විවිධ මත පළවුණි.

නමුත් මේ වනවිට මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට සුදානමින් සිටින බවට වාර්තා විය.

0 comment
0

Related Posts

Leave a Comment