Home දේශීය පුවත් මනූෂ කළ පරිගණක අපරාධය ?

මනූෂ කළ පරිගණක අපරාධය ?

by Hela news

සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ව්‍යෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලව තොරතුරු ලබාගැනීම සඳහායි.

මන්ත්‍රීවරයා මේ බව සටහන් කරමින් තා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එම සටහන පහතින් දැක්වේ.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත. එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ෂණයක් සම්බන්ධයෙන් මා කැදවන්නේද යන්න සදහන් කර නැත.

විමර්ෂණ අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඔ්නෑම නීත්‍යානුකූල විමර්ෂණයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව සිහිපත් කරමි.

එහෙත් සිදුවන විමර්ෂණය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත. සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ඡුා කර තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.”

0 comment
0

Related Posts

Leave a Comment