Home කාලීන පුවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

by Hela news

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක්  සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.   ඒ අනුව, එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී. ඒ අනුව, තවත් නොබෝ වේලාවකින් කොළඹ වරාය වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය රැගත් මෙම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

0 comment
0

Related Posts

Leave a Comment