Home විදෙස් පුවත් මතභේදාත්මක කෘෂි නීති 03 ක් ඉන්දීය රජය ඉවත් කර ගනී

මතභේදාත්මක කෘෂි නීති 03 ක් ඉන්දීය රජය ඉවත් කර ගනී

by Hela news

ඉන්දීය රජය හඳුන්වාදුන් මතභේදාත්මක කෘෂි නීති 03 ක් ඉවත්කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පියවර ගෙන ඇත. ඒ වසරක් පුරා පැවැති දැවැන්ත ගොවි විරෝධතාවලින් අනතුරුවය. අග්‍රාමාත්‍යවරයා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කෘෂි නීති හදුන්වාදුන්නේ ගොවීන්ගේ යහපත සදහාවන බවය.

එය ඔවුන්ට අවබෝධ නොවූ බැවින් වසරකට පසු එම නීති ඉවත් කර ගන්නා බව අගමැතිවරයා පැවසීය. වසරක් පුරා නවදිල්ලි අගනුවර කඳවුරු බැඳගෙන විරෝධතා පැවැත්වූ ගොවීන් අගමැතිවරයාගේ තීරණයත් සමඟ බෙහෙවින් ප්‍රීතිමත් වෙමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

0 comment
0

Related Posts

Leave a Comment