Home ක්‍රීඩා පුවත් මඩුගල්ල සහ ධර්මසේන පිටියට එද්දී මාලිංගගේ වාර්තාව ශකීබ් අතට

මඩුගල්ල සහ ධර්මසේන පිටියට එද්දී මාලිංගගේ වාර්තාව ශකීබ් අතට

by Hela news

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ජය ඕමානයට

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ කරමින් ‘බී’ කාණ්ඩය යටතේ ඊයේ (17 වැනිදා) අල් අමිරත් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් පැපුවානිව්ගිනියාව හමුවේ කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕමානය සමත් විය.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති මෙම තරගයේ තරග තීරකවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ රංජන් මඬුගල්ලේ සහ පිටියේ ප්‍රධාන විනිසුරුවකු වශයෙන් කුමාර ධර්මසේන කටයුතු කරනු ලැබීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවානිව්ගිනියාව කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු 129ක ඉලක්කය හඹාගිය ඕමානය පන්දුවාර 13.4ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 131ක් රැස්කරමින් ජය සපුරා ගැණින.

ඕමානය ජයග්‍රහණය කරා රැගෙන ගිය ජතින්දර් සිං හයේ පහර හතරක් සහ හතරේ පහර හතක් සමගින් පන්දු 42කදී ලකුණු 73ක් සහ අකිබ් ඉල්ලියාස් පන්දු 43කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස්කරගනු ලැබීය.

මේ අතර ඊයේ පැවැති සුදුසුකම් ලබාගැනීමේ වටයේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි තරගය ලෙසින් ස්කොට්ලන්තය සහ බංගලිදේශය අතර පැවැති තරගයේදී ශකීබ් අල් හසන් විසින් පන්දුවාර 20 ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සතු වූ වර්තාව සියතට ගැනීමට සමත්විය. මාලිංග පන්දුවාර 20 තරග 84කදී කඩුලු 107ක් දවාගත් අතර ඊයේ සකීබ් විසින් සිය 108 වැනි පන්දුවාර 20 ජාත්‍යන්තර කඩුල්ල දවාගත්තේ 89 කට සහභාගී වෙමිනි.

ඕමානය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ නායක සීෂාන් මක්සුඩ් ලකුණු 20කදී කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් විය.

0 comment
0

Related Posts

Leave a Comment