Home ක්‍රීඩා පුවත් මඩුගල්ලේ සහ ධර්මසේන ලෝක කුසලාන තරගාවලියට

මඩුගල්ලේ සහ ධර්මසේන ලෝක කුසලාන තරගාවලියට

by Hela news

ලෝක කුසලාන තරගාවලියට තරග තීරකවරුන් 4ක් සහ විනිසුරුවරුන් 16ක්

ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් අතරට ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලේ සහ කුමාර ධර්මසේන ඇතුළත්ව තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය සඳහා නම්කර තිබෙන මුළු තරග තීරකවරුන් ගණන 04ක් වන අතර නම්කර ඇති මුළු විනිසුරුවරුන් ගණන 16කි.

අදාළ විනිසුරුවරුන් 16 දෙනා අතරින් අලීම් ඩාර්, මරයිස් එරාස්මස් සහ රෝඩ් ටකර් මෙවර සහභාගි වන්නේ ඔවුන්ගේ හයවැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටය.

තරගාවලිය ආරම්භ කරමින් සුදුසුකම් ලැබීමේ වටයේදී පැපුවා නිව්ගිනියාව සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙසින් කුමාර ධර්මසේන සහ නවසීලන්තයේ ක්‍රිස් ග්‍රැෆනි කටයුතු කරනු ලබන අතර එම තරගයේ තරග තීරක වශයෙන් රංජන් මඩුගල්ලේ කටයුතු කරනු ලබයි.

0 comment
0

Related Posts

Leave a Comment