Home ක්‍රීඩා පුවත් මට යන්න වෙලාව හරි – සුපිරි ක්‍රීඩකයාගේ තීරණය

මට යන්න වෙලාව හරි – සුපිරි ක්‍රීඩකයාගේ තීරණය

by Hela news

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමගම ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ පවසා ඇත්තේ මෙම ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවය.   

වසර 10කට පසුව කොදෙව්වන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට තේරීමට අපොහොසත් වූ පළමු අවස්ථාව මෙය වේ.

38 හැවිරිදි බ්‍රාවෝ 2019 වනවිට ජාත්‍යන්තර පිටියට සමුදී සිටි අතර නමුත් තම කණ්ඩායමට ශූරතාව ලබාදීමේ අරමුණින් ඔහු 2019 දී නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය.

2012 සහ 2016 වසර වලදී කොදෙව්වන්ට ලෝක ශූරතාවලිය දිනා දීමට බ්‍රාවෝ වැදගත් මෙහෙයක් කළේය.

එසේම ඔහු මෙතෙක් පවත්වා ඇති සියලුම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සඳහා ක්‍රීඩාකර තිබේ.

ඔහු මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 90කට සහභාගී වී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment