Home කාලීන පුවත් භික්ෂූන්වහන්සේලාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට පියවර

භික්ෂූන්වහන්සේලාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට පියවර

by Hela news

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 

එහි පළමු අදියර යටතේ බස්නාහිර සහ ඌව පළාත්වල වැඩ වාසය කරන පිරිවෙන් 237 ක අධ්‍යාපනය ලබන 700 ක් පමණ තරුණ භික්ෂූන්වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන අතර එය මාර්ගගත තාක්ෂණය භාවිතා කරමින් නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව කොළඹ තරුණ බෞද්ධ සංගමය සඳහන් කරයි.

මෙම වැඩසටහනේ දෙවැනි අදියර 2022 වසර මැද දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එහිදී දිවයින පුරා විසිරී තිබෙන සියළු පිරිවෙන්වල වාසය කරන භික්ෂූන් වහන්සේලා 4,000 කට වැඩි ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වේ.

0 comment
0

Related Posts

Leave a Comment