Home දේශීය පුවත් භාණ්ඩ හිඟයට විසඳුමක් බන්දුල කියයි

භාණ්ඩ හිඟයට විසඳුමක් බන්දුල කියයි

by Hela news

භාණ්ඩ හිඟය ගැන අමාත්‍යවරයා අද කිව්ව කතාව

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වැඩි වශයෙන් නිපදවීම බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ප්‍රධාන වශයෙන් ලෝකයට ‍භාණ්ඩ නිෂ්පාදනය කරන රට මහජන චීනය. චීනය වැඩ කරන දවස්වලින් එක දවසයි වැඩ කරන්නේ. එතකොට දවස් 4ක නිෂ්පාදනය නැහැ. එතකොට ලෝකයේ ඛනිජ තෙල් මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙනවා. අපි තෙල් නිපදවන රටක් නෙමෙයි. ලෝකයේ ගෑස් මිලත් වැඩි වෙලා. අපි ගෑස් නිපදවන රටක් නෙමෙයි.

ලෝකයේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් තියෙනවා. කිරිපිටි, පරිප්පු, වැනි ලංකාවේ ප්‍රමාණවත් නැති භාණ්ඩ සියල්ලගේම. එතකොට සිමෙන්තිත් ඒ තියෙන එක භාණ්ඩයක් පමණයි. මේ රට තුළ නිපදවාගත හැකි සියලු දේ වැඩිවැඩියෙන් නිෂ්පාදනය කිරීම පමණයි මේ හිඟයට හා බඩු මිලේ තියෙන ප්‍රශ්නයට එකම විසඳුම. ඒ සඳහා ළඟදීම අලුත් සිමෙන්ති කම්හලක් ආරම්භ කරනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

0 comment
0

Related Posts

Leave a Comment