Home විදෙස් පුවත් බ‍්‍රසීල ජනාධිපති ඉවත් කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ

බ‍්‍රසීල ජනාධිපති ඉවත් කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ

by Hela news

දිනෙන් දින ජනප‍්‍රියත්වයෙන් පිරිහෙමින් සිටින බ‍්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් දහස් ගණනක් වූ බ‍්‍රසීල ජනතාව පෙරේදා (02 දා) දිනයේ රට පුරා විරෝධතා ව්‍යපාර පැවැත්වූහ. බ‍්‍රසීලයේ විපක්ෂ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබූ මෙම මහජන විරෝධතා ව්‍යපාර රටේ නගර 160කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

බ‍්‍රසීලය තුළ පැතිර යන කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා ප‍්‍රමාණවත් පියවර නොගැනීම හේතුවෙන් මහජන අප‍්‍රසාදයට පාත‍්‍රව සිටින ජනාධිපති බොල්සොනාරෝට එරෙහිව මෙම මහජන විරෝධතාවයන් පැවත්වූයේ බ‍්‍රසීලයේ මීළඟ මැතිවරණය පැවැත්වීමට වසරක කාලයක් තිබියදීය. කොරෝනා වසංගතය නිසි පරිදි පාලනය නොකිරීම හේතුවෙන් මේ වන විට එරට ජනගහණයෙන් හය ලක්ෂයක් පමණ දෙනා මියගොස් තිබෙන බව වාර්තා වී ඇත. ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට සඳහන් පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදුණු උද්ඝෝෂකයන් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ පසුගාමී චින්තනය හේතුවෙන් බ‍්‍රසීලය දුගී බව, ආහාර හිඟය හා දූෂණය රජයන රටක් බවට පත්ව ඇති අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බොහෝ පිටුපසින් රට සිටින බවත්ය. බ‍්‍රසීල ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් සියයට 61ක් අකමැති බව මෑතකදී පැවති සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment