Home ගොසිප් පුවත් බොට්ස්වානා රුවැත්තිය වූ ලංකාවේ ගිම්හානි

බොට්ස්වානා රුවැත්තිය වූ ලංකාවේ ගිම්හානි

by Hela news

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021″ කිරුළ දිනා ගන්නට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යෞවනියක් පසුගියදා සමත් වුණා. ඒ තවමත් වයස අවුරුදු 17ක යෞවනියක් වන ගිම්හානි පෙරේරා. ඇය සහභාගී වූ මෙම තරගයේ මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත්ව සිටි අතර ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරී පත් වී තිබුණා. ඉන් පසුව පසුගිය 19 වැනිදා පැවති අවසන් වටයේදී “මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගන්නට ගිම්හානි පෙරේරා සමත් වුණා. කිරුළ පැලඳි පසු ඇය කියා සිටියේ “මම අලුතින් කිරුළු පලඳින “මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021″ බවට නිවේදනය කිරීම මහත් ආඩම්බරයක් බවත් මිස් ටීන් ජාත්‍යන්තර තරගය සඳහා තමන් සුදුසුකම් ලබන බවත්ය.”

ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූප සුන්දරිය තේරීමේ තරගයකට තමා සුදුසුකම් ලබන බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා ඇත්තේ “මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි” යනුවෙනි.

එමෙන්ම මේ ගමන පුරාවටම සහයෝගය දැක්වූ සහ ආදරය දැක්වූ සැමට විශාල ස්තූතියක් පුදකරන බවත් එමෙන්ම මෙම තරගාවලියෙන් විස්මිත කාන්තාවන් හමුවූ බවත් ඒ සියලු දෙනා මේ වෙද්දී තමාගේ සහෝදරියන් වී සිටින නිසා ඒ සියලුම අයට සුබ පතන බව ද ඇය පවසා තිබෙනවා. ඇය මෙම තරගයට එක්වී තිබුණේ බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. බොට්ස්වානා සමුහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටක්. ගිම්හානි ගේ පියා, ඉන්දික පෙරේරා 1990 වසරේ එරට පදිංචිය ට ගොස් ඇති අතර ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා.

ගිම්හානි පෙරේරා ඉගෙනුම ලබන්නේ බොට්ස්වානාහි Livingstone Kolobeng College හිය. මීට පෙර Little Miss Princess Of The World – 2019/20 තරගයේ ද ඇය දෙවන ස්ථානය (Second Princess) හිමිකර ගෙන තිබෙනවා.

ඇය නිරන්තරයෙන් සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින යෞවනියක්. කිරුළ දිනා ගන්නට පෙර ගිම්හානි පෙරේරා පසුගිය 11වැනිදා සිය ගම්මානය වන පිළික්වේ වෙත ගොස් පිළික්වේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සහ ගමේ වැඩිහිටියන් හා ප්‍රජාව මුණගැසීමට කටයුතු කර තිබෙනවා. එහිදී අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව 6 වන ශ්‍රේණියේ සිසුන් අභිප්‍රේරණය කිරීම සහ ඔවුන් 7 වසර සඳහා සූදානම් වීමේදී ඔවුන්ට අවශ්‍ය විය හැකි උපදෙස් ද ලබා දී තිබෙනවා.

එමෙන්ම ඇය එදින මුද්‍රණ කඩදාසි, ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග සහ සිසුන් හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුළු ආහාර වේලක් ලබා දීමට ද අමතක කර නැහැ.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව සංවිධානය කිරීමට හා සම්බන්ධීකරණය කිරීමට ඇයට සහයෝගය දැක් වූ “බල ගැන්වීම, අධ්‍යාපන ව්‍යාපාරය (EEM) සංවිධානය සඳහා අරමුදල් සැපයීම ගැන සිය පියාට සහ මවට ද ස්තූතිය පුද කරන බවද කියනවා.

මේ වෙද්දී ඇයගේ මීළඟ අභිප්‍රාය වී ඇත්තේ ඉන්දියාවේ පැවැත්වෙන අන්තර්ජාතික යෞවන රූපසුන්දරිය තේරීමේ තරගයට සහභාගී වී එහි කිරුළ ජයගැනීම නිසා ඇය ගැන අපට ද ඇත්තේ ආඩම්බරයකි. දකුණු අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන අතර මෙහි ජනගහනය මිලියන 3.301 කි.

0 comment
0

Related Posts

Leave a Comment