Home ක්‍රීඩා පුවත් බෙන් ස්ටොක්ස් ගේ ආගමනය

බෙන් ස්ටොක්ස් ගේ ආගමනය

by Hela news

මාස 4 1/2කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තමා එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට සූදානම් බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ට පවසා තිබේ.

ඒ අනුව අළු බඳුන ටෙස්ට් තරගාවලියට ඔහුව කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබුණි.

මානසික සුවතාව වෙනුවෙන් අවධානය යොමුකිරීමට අවශ්‍ය බව පවසමින් පසුගිය ජුනි මාසයේදී ඔහු ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඈත් විය.

ඒ හේතුවෙන් ඔහුට ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වුණි.  

ඔහු ඒ වනවිට ඇඟිල්ලක සිදුවූ ආබාධයක් හේතුවෙන් ද පීඩා විඳිමින් සිටියේය.

0 comment
0

Related Posts

Leave a Comment