Home විදෙස් පුවත් බෙංගාලයේ දුම්රියක් පීලි පැන ජීවිත 9ක් අහිමි කරයි

බෙංගාලයේ දුම්රියක් පීලි පැන ජීවිත 9ක් අහිමි කරයි

by Hela news

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. තවත් පුද්ගලයන් 36 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඉන් 15 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

මැදිරි 12කින් සමන්විත අන්තර් ප්‍රාන්ත අතර ධාවනය වන මේ සීඝ්‍රගාමී දුම්රිය බටහිර බෙංගාලයේ ජල්පායිගුරි දිස්ත්‍රික්කයේදී මේ අනතුරුට මුහුණ දී ඇති අතර, මැදිරි 4ක් පීලිපැනීමට ලක් වී ඇත.

අනතුර සිදු වූ වහාම ඒ අවට ජනතාව දුම්රිය මැදිරිවලින් මගීන් පිටතට ගැනීමට කටයුතු කර ඇති අතර, පසුව පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අවශ්‍ය කටයුතු සිදු කර ඇත. මේ දුම්රිය රාජස්තාන් ප්‍රාන්තයේ සිට අසැම් ප්‍රාන්තය දක්වා ගමන් කරමින් තිබු අතර, පීලි පැනීම සිදු වනවිට එහි මගීන් දහසකට වැඩි පිරිසක් සිටි බව වාර්තා වේ.

ඉන්දියාවේ දුම්රිය අනතුරු බහුලව සිදුවන අතර, පසුගිය 2020 වසරේදී පමණක් එරට දුම්රිය අනතුරු 13,000කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත. ඉන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12,000කට ආසන්නය.

0 comment
0

Related Posts

Leave a Comment