Home විදෙස් පුවත් බුකර් සම්මානය දකුණු අප්‍රිකාවට

බුකර් සම්මානය දකුණු අප්‍රිකාවට

by Hela news

දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගල්ගට් අන්තර්ජාතික බුකර් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. නවකතා සඳහා පිරිනැමෙන මේ විශිෂ්ට සම්මානය හිමි වූයේ ඔහුගේ ‘ද ප්‍රොමිස්‘ නවකතාවටය. මීට පෙර 2003 දී සහ 2010 දී ද බුකර් සම්මානයට ඔහුගේ නම නිර්දේශ වී තිබිණි. බුකර් සම්මානය සහ පවුම් 50,000ක තෑගි මුදල පසුගියදා පැවැති උත්සවයකදී ඩැමොන්ට හිමි විය.

‘ද ප්‍රොමිස්‘ ඔහුගේ 9 වැනි නවකතාව වන අතර, වර්ග භේද වාදී යුගයේ සිට වර්තමානය දක්වා දශක හතරක කාලයක දකුණු අප්‍රිකානු පවුලක බිඳ වැටීම මේ ග්‍රන්ථයට පාදක වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment