Home කාලීන පුවත් බියගම සුව මැදුරට චන්දිම හිමිගෙන් පරිත්‍යාග

බියගම සුව මැදුරට චන්දිම හිමිගෙන් පරිත්‍යාග

by Hela news

තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා ඔක්සිමීටර් 55ක් හා මුඛ ආවරණ ප්‍රදානය කිරීම ඉකුත්දා එම අධ්‍යයන ආයතනයේ දී සිදු කෙරිණි. බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ මහතාගේ ඉල්ලීමක් අනුව මෙය ප්‍රදානය කෙරිණි.

එහිදී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය සිසාර බණ්ඩාර මහතාට එම ඔක්සිමීටර් හා මුඛ ආවරණ භාර දෙන ලදී. බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය තිසර කුමාරගේ, සෞඛ්‍ය වෛද්‍ය දුලංජි නිමේෂීකා, බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත පෙරේරා, බොල්ලෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.කේ.එස්. ප්‍රියදර්ශන හා පවුල් සෞඛ්‍ය සේවිකා කේ.එම්.පී.එස්. අබේසේකර යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

0 comment
0

Related Posts

Leave a Comment