Home කාලීන පුවත් බිඳවැටුණු සංචාරක ව්‍යාපාරය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් යළි අරඹනවා

බිඳවැටුණු සංචාරක ව්‍යාපාරය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් යළි අරඹනවා

by Hela news

ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ඉදිරි ශීත සෘතුවට පෙර යළි ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක වාර්ෂික ආදායමක් මෙරටට අහිමි වූණා. ලෝකයේ සමස්ත ආර්ථික වර්ධනය 6.3ක් අපේක්ෂා කළත් එය මේ වන විට ඍණ අගයක් දක්වා පහත බැස තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ විවිධ අංශවලින් මෙරටට ලැබෙන ආදායම්වලින් 80%ක් අහිමි වී තිබෙනවා. විදේශීය සංචාරකයන් 6000ක් අවස්ථා දෙකකදී මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූණා. සංචාරක, ඇඟලුම්, අපනයන කෘෂිකර්ම, බදු, රේගු, සුරාබදු ඇතුළු අංශ ගණනාවක ආදායම් අහිමි වීමෙන් මේ වර්ෂයේදී අඩාල වූ සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වර්ෂයේදී ආරම්භ කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරි වර්ෂයේදී මුදල් වෙන් කරන්නේ නව සංවර්ධන ව්‍යාපෘති සඳහා නොව මේ වන විට ආරම්භ කර ඇති ව්‍යාපෘති නිම කිරීමටයි. අඩක් නිම කළ ගොඩනැගිලි ඇතුළු ව්‍යාපෘති ගණනාවක් පවතිනවා. එම ව්‍යාපෘති නිම කර මහජන අයිතියට පත් කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගත්තා.

කොරෝනා ප්‍රතිශක්තී එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කළ රටවල් අතරින් ලෝකයේ බලවත් යැයි පිළිගැනෙන ජී -7 රටවල් පවා අබිබවා ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයට පත්ව තිබෙනවා.”

0 comment
0

Related Posts

Leave a Comment