Home උණුසුම් පුවත් බැංකු ණය-ලීසිංවලට තවත් සහන කාලයක්

බැංකු ණය-ලීසිංවලට තවත් සහන කාලයක්

by Hela news

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට අපහසු වූවන්ට සහන සැලසීමට රජය ලබා දුන් තුන් මාසයක ණය සහන කාලය තවත් ටික කලකට හෝ දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

කොවිඩ් තුන්වැනි රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීමට ජුනි, ජුලි හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නැයි රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මඟපෙන්වීම් ලබා දී තිබුණි.

ඒ අනුව හෙටින් (31) එම සහන කාලය නිමාවීමට නියමිතව තිබේ. එනමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය සලකා බලා මේ සහන කාලය තව ටික කලකට හෝ දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

වසර 2020 අවසානයේදී සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය පහසුකම යටතේ මහ බැංකුව විසින් අනුමත කරන ලද කාරක ප්‍රාග්ධන ණයවල වටිනාකම රුපියල් කෝටි 18000 ක් විය. ඉන් පුද්ගලයින් 63000 ක් දෙනා ප්‍රතිලාභ ලබාගෙන තිබුණි.

මීට අමතරව වාර්ෂිකව සියයට 4.00 අඩු පොලී අනුපාතයක් යටතේ මාස 06 ක සහන කාලයක් ද සහිතව මාස 24 කින් ආපසු ගෙවීමට හැකි පරිදි ණය මුදලක් ද ස්වයංරැකියාලාභීන්ට ඇතුළු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

එපමණක් නොව බැංකු ණය ලබා ගැනීමේදී ණය තොරතුරු කාර්යාංශයේ අක්‍රීය ණය ලෙස යමෙකුගේ නම ලේඛනගත වී සිටීම නොසලකා හැරීම, ණය ලබා ගැනීමේදී ඔවුන් වෙනුවෙන් ණය ඇපකර ක්‍රමයක් රජය ක්‍රියාත්මක කිරීම වැනි සහන ද රජය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment