Home උණුසුම් පුවත් බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට යළිත් ඇණවුමක්

බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට යළිත් ඇණවුමක්

by Hela news

බාල කොවිඩ් ඇඳුම්වලට තාක්ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය
භාවිතයට නුසුදුසු කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල ලක්ෂයක් සැපයූ ​පෞද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලැබ ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

එම ඇඳුම් කට්ටලයේ අනිවාර්ය අංගයක් වන ජීවානුහරණය කරන ලද අත්මේස් වෙනුවට ජීවානුහරණය නොකරන ලද අත්මේස් සැපයීමට එම සමාගම කළ ඉල්ලීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය අනුමැතිය ලබාදී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment